À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිවෙනි කොටහා

A+ A-

“  ######### දේශන ශාලාව කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් කියන්.. “

” ඔතනින් මේ පාරේ දිගටම ගිහිල්ලා වම් පැත්තට හැරිලා ඒ පාර දිගටම ගිහිල්ල……………….,……….,,……………………………………………………………………………………………………………………………………………………………….. “

මන් ######## දේශන ශාලාව කොහෙද තියෙන්නේ කියලා අහන්නත් කලින් ඒ කෙල්ල මයෙ යට ඉදන් උඩට වෙනකම් බලලා පත හෑල්ලක් කියලා යන්නම් මල්ලි කියලා ගියාට පස්සේ මාත් ඒ කෙල්ල කියාපු පාර දිගේ යන්න ගත්තා.

උදේට කාලා ආපු නිසා හොදයි මෙහෙම ඇවිද ඇවිද පාරවල් හොයා ගන්න. මන් ඇවිල්ලා අර අක්කා කියාපු කුඹුක් ගහ හොය හොයා වට පිට බැලුවේ පොඩි බේබී මයෙ අතේ බැන්ද ඔරලෝසුවෙනුත් වෙලාව බලලා. ඉස්ස ඉස්සල්ලාම පටන් ගන්න දේශනේට විනාඩි දහයයි තියෙන්නෙත් මට‍. ඉක්මනට පාර හොයන් යන්න යද්දි මට ඇහුනේ මට‍ කවුරුම හරි කතා කරන හඩක්. බලද්දී නම් ඉහල පන්තියේ ලොකු කොල්ලෝ ටිකක් බැම්මක්‌ දිගේ ඉදගෙන මන් එන දිහා බලන් හිටියේ එක එක්කෙනා මොන මොනවදෝ කියව කියව.

” මටද කතා ක… “

” ඇයි මෙතැන තෝ ඇර තව එකෙක් ඉන්නවා වගේ තොට පේනවද #####  “

මන් එහෙම යටහත් පහත්ව එයාලට කතා කරේ අපෙ ළමයිට මුලදිම ඉහළ පන්තියේ අයට එහෙම කතා කරන්න කිව්ව නිසා. නැත්තන් එයාලා අපිව දකින දකින තැන රැග් කරනවලු.
මන් ටිකක් වට පිට බැලුවත් මයෙ වයස ළමයි පේන තෙක් මානෙකවත් නැති වෙනකොට එකෙක් ආයේ ගිරිය පලන් කෑ ගහන්න ගත්තා.

” තෝ මොකෑ වට පිට බලන්නේ. උබ කියහන්කෝ බලන්න උබ අර අක්කලා ටිකෙන් මොන අක්කටද කැමති කියලා ”

” කාටවත් නෑ අයි… “

” ඒ මේකා කියපු දේ ඇහුනද බන් තොපිට.. මේකා එහෙනම් අයියලාට කැමති එකෙක් “

එහෙම තව එකෙක් කියනකොට කරේ අනිත් උන් ඔක්කොම හයියෙන් හිනා වුනු එක. අපරාදේ මන් එහෙම කිව්වේ. මුන්ටත් මාවම අහුවුනානේ මයෙ කරුමෙට.

” හරි උබට දේශන තියෙනවා නේද දැන් ආ “

ඇති යන්තම් මට‍ මෙතැනින් යන්න පුළුවන් දැන්.

” ඔ ව් අයියේ “

” ම් යන්න පුළුවන් දැන් උබට . තඩි උබ මූව ඒ ශාලාවට ඇරලහන්කෝ. එතකොට උබ මෙතැන ඉදන් පටන් ගෙන ශාලාවට යනකම්ම උබට හම්බ වෙන ලොකු අයියලාට කියන්න ඕනී මොකක්ද… “

මුගේ ආච්චිට ඉතින්. මන් කොහොම දැන ගන්නද උන්ට මන් මොනාද කියන්නේ කියලා.

“  මන් අයියලාට කැමති කියලා ඔය කට ඇරලා කියන්න. තොට තේරුනාද ආ….
තඩි උබ බලපන් මේකා ඒක කියනවද කියලා ම් දැන් පලයන්කෝ “

ඒකා එහෙම කිව්ව පමාවට අඩිය ඉක්මන් කරලා යන්න ගියත් අරු මයෙ උරහිසෙන් අත තියෙලා නතර කරා.

” තොට කියන සිංහල තේරෙන්නැද්ද ආ….  මෙතනින් පටන් ගනින් “

මට‍ මේ ඩිංගට ඒකා කියපු දේ අමතක වෙලා දේශනේට දුවන්න ගියත් ඌ මාව නතර කරලා එතැන ඉන්න දහ දොළොස් දෙනාම පෙන්නුවා.  ඉතින් මන් එතැන ඉදගෙන ඉන්න කෙලවරේම පොඩි අයියා ළගට ගිහිල්ල හිට ගනිද්දී ඒකා එතැන ටිකක් එහාට්ට වෙන්න හිටන් හිටපු තව අයියා කෙනෙක්ගෙ මූණ බලලා ආයේ මන් දිහා බලද්දී මන් අර අයියා කියාපු එක එයාට කිව්වා.

“  අයි යෙ මන් ඔයාට කැම ති “

මුං කිව්ව දෙයක් නොකර ඉන්න බැරි නිසා මන් කට වචනෙට එහෙම කිව්වේ මයෙ පොඩි හාමුවත් මතක් වෙලා.

” මට‍ ඉන්නවා මල්ලි. අනිත් අයියගෙන් අහලා බලන්න ”

එයා අර කලින් බලපු අයියට ආයේ බැල්මක් දීලා මට ඉන්නවා මල්ලි කියලා කියද්දී අනිත් පැත්තෙන් තව කොල්ලෙක් කාගේ හරි මන් නොදන්න නමකුත් කිව්වා.

මන් ඉතින් අනිත් එකාගෙනුත් එහෙම ඇහුවට පස්සේ ඒකා කිව්වා උට‍ කෙල්ලෙක් ඉන්නවලු කියලා. මන් ඉතින් ඔහොම ඔහොම හතර පස් දෙනාගෙන්ම අහලා පොඩි අයියා බලාපු අර අයියා ළගටත් ගිහිල්ලා මන් අරහෙම අහනකොට ඒකා පොඩි අයියා දිහා බලලා හිනා වෙලා එයා මට එයාගේ ඇගිල්ලට දාන් ඉන්න ලස්සන මුද්දක් පෙන්නුවා.

” මන් බැදලා ඉන්නේ දැන්. අනිත් එකාගෙන් අහපන් බන් “

අප්පටසිරි මේකා බැදලත් එක්කලා. මන් පස්සේ අර තඩි අයියත් එක්කලා ශාලාවට එනකම්ම වගේ හම්බෙන හම්බෙන එක එකාට මන් කැමති ගාගෙන ගියෙ එතැනින් සමහර අය හිනා වෙද්දී. සමහර අයනම් මට එක එක වචනත් කිව්වේ අප්පිරියාවෙන් මට බැල්මකුත් දීලා.

මන් යනකොට දේශනේ පටන් ගෙනත් භාගයක් වගේ ගිහිල්ල තිබ්බත් මන් එහා පැත්තේ එකාගෙන් බලන් ඒ ඔක්කොම වගේ සටහන් දා ගත්තේ එහා පැත්තේ එකත් මට ඒවා කියලා දෙද්දී.  එයාගේ නම් තරිදු. පොළොන්නරුවේ දුර පලාතක නිසාම එයාට කැම්පස් එකෙන් හොස්ටල් හම්බුනා කියලා තමයි කිව්වේ. ඒකත් උදේ එනකොට ඉහළ පන්තියේ අක්කලා ටිකක් හම්බවෙලා රැග් කරලලු. හැබැයි අයියලා රැග් කරන තරමට අක්කලා නම් අපිට රැග් කරන්නැති තරම්.

තරිදුත් මන් කරන තව විෂයකුත් කරන නිසා ඒකා එක්කම අපි ඊලග දේශනේටත් ගියෙ මන් ගෙනාපු බත් මුලත් කාලම. හොස්ටල් කෑම මේ දවස් ටිකේම කාපු උට‍ මයෙ බත් එක දිව්‍ය බොජුන් වගේලු. ඇත්ත තමයි කමනි නැන්දගෙ කෑම ගොඩක් රසයි.

මන් බස් එකෙන් බැහැලා ටිකක් දුර යනකොට මට මගදී හම්බුනේ බයිසිකලේ පැදන් යන නිර්මාල්ව. මාව දැකලා ඒකා බයිසිකලේත් නතර කරන් මන් එනකම් බලන් ඉන්නවා.  කොල්ලා අදත් ඉස්කෝලේ ගිහිල්ල නෑ වගේ නැත්තන් එකහමාර වෙන්න කලින් මෙහෙම ඇවිද ඇවිද ඉන්නෑනේ ඒකා.

” අයියේ දැන් ද ඉවර වුනේ ආ…. “

එයාගේ පන් මල්ලත් හැඩල් එකේ එල්ලලා මාත් එක්කම බයිසිකලේ තල්ලු කරන් යන ගමන්  මයෙන් එහෙම අහද්දී මන් කරේ ඔලුව හොල්ලපු එක.

” මන් මේ කඩේ ගිහිල්ල ආවා නේ. අක්කට උයන්න බඩු ටිකක් ගන්න. ඒක නෙවෙයි කැම්පස් එක කොහොමද. කෙල්ලෙක් එහෙමත් ඇති නේද දැන් ඉතින් “

” මොනාද ඉතින් අක්කට උයන්න ගත්තේ “

මන් එයාගේ ප්‍රශ්න වලට උත්තර දෙනව වෙනුවට එයාගෙන් වෙන දෙයක් ඇහැව්වා.

” කැරට් අල ටිකකුයි මාළු ටින් එකකුයි ගත්තේ. ඒක නෙවෙයි නගින්න පිටිපස්සට. මන් වලව්වට දා ගෙනම යන්නම් ”

මටත් වඩා පොඩි මේ කොල්ලා පිටිපස්සේ ලී ලෑල්ල පෙන්නලා එහෙම කිව්වත් ඒකාට මාවත් දාන් පදින්නවත් පුළුවන් වෙයිද දන්නෑ.

” මාවත් දාගෙන පුළුවන් ද ඕක පදින්න “

මේකා හයියෙන් හිනා වුනා.

“  අපෝ බය ගුල්ලා. මන් දෙනුවන් වත් දාන් යනවා හලෝ. නගින්න නගින්න බය වෙන්න එපා අයියේ “

ඒකා එහෙම කියලා බයිසිකලේට නගිද්දී මාත් පුලු පුළුවන් විදිහට ලෑල්ලේ උඩ ඉද ගෙන අත් දෙකෙනුත් ලෑලි කෑල්ල අල්ල ගනිද්දී අරකා හෙමින් හෙමින් පැද්දා.

ටික වෙලාවකින් වලව්ව ළගටම ආපු එයා කඩුල්ල ළගින් නතර කරනකොට මන් බයිසිකලෙන් බැහැලා එයාට යන්නාම් කියාගෙන ආවේ එයත් අත වනලා බයිසිකලේ ආපහු හරවන් යන්න යද්දි.

” අම්බෝ කමනි නැන්දේ බඩගිනියෝ.. ”

කමනි නැන්දව කුස්සියේදි හම්බුනු නිසා මන් එහෙම කියාගෙන වතුර එකක් බොන්න ගන්නකොට කමනි නැන්දා හිනා වුනා.

” නා ගෙනම වරෙන් කොලුවෝ. බත් මැටි කෝප්පෙට දාලා තියෙන්නේ. උබත් කද්දී චූටි බේබිටත් කවහන්කො කොලුවෝ “

” නුරාද තාම කෑවේ නැද්ද නැන්දේ “

” නෑ බන්. දෙව්මි බේබී ලොකු බේබී එක්කලා හන්දියේ ගියා. මන් තාම මේ වැඩ. පොඩි එකා ඔය කොහේ හරි ඇති සෙල්ලම් කර කර “

කමනි නැන්දා එහෙම කියනකොට මන් ඉක්මනින් ගියෙ ඇතුළට පැටියා ඉන්නවද බලන්න. ඇතුළෙත් හිටියේ නැති නිසා එළියට ගිහිල්ලා බලද්දී නුරාද හරි සනීපෙට ලොකු ඔන්චිල්ලාවේ පැත්තකින් නිදි හොදටම. 

ලොකු මැණිකේ පේන්නවත් නෑ පැත්තෙවත්. මන් නිදන් ඉන්න කොල්ලවත් ඇහැරෙන්නැති විදිහට පරිස්සමින් අතට අරන් මයෙ කාමරේට එක්ක ගිහිල්ලා මයෙ ඇදෙන් තිබ්බේ ඒ නළලට සිපුමකුත් තියෙලා. නාලා ඇවිල්ලම පැටියගේ බඩ බෝල කරලා ගන්නම්කො මන්.

සරමයි මයෙ අත් කපාපු බැනියමයි තුවයයි අරන් ගියෙ ළිද ළගට. සීතළ වතුර ඇග තෙමාගෙන පල්ලම් බහිද්දී නම් පුදුම සනීපයක් තමයි තියෙන්නේ.
හොදට නාලා කරලා ආපු මන් පැටියවත් වඩා ගෙන මැටි කෝප්පෙත් අරන් ලොකු ඔන්චිල්ලාවට ගිහිල්ල කන්න ගත්තේ නුරාදටත් කවන ගමන්. එයාගේ ඇස් වලින් තාම නිදි මත බේරෙනවා.

” මැණිකේ මැණිකේ……. කොල්ලෝ කෝ අපෙ හාමිනේ දැක්කද “

අපි දෙන්නා කකා ඉද්දැද්දි ලොකු හාමු ඇවිදිල්ලා මයෙන් එහෙම අහද්දී මන් ඔලුව හොලවලා නෑ කිව්වේ ඇත්තටම ආවත් හරි ලොකු මැණිකේ පේන්නවත් හිටියේ නැති නිසා.

” මොකෑ මහත්තයෝ කෑ ගහන්නේ මන් උයනේ පොඩ්ඩක් මේ ඉදන් හිටියේ ”

” මැණිකේ ආං ගුණ පාලයාගේ ලොකු කොල්ලා කමනිගේ කොල්ලට ගහලා.  මන් මගදී යනකොට ඒකා ලේ පෙරන් බයිසිකලේ ළගම වැටිලා බන් හිටියේ “

එහෙනම් මාව දාලා යනින් ගමන් වෙන්නැති නිර්මාල්ට ඒ කොල්ලා ගහන්න ඇත්තේ.

” මයෙ දෙයියනේ කොල්ලට අමාරුයිද… ඉස්පිරිතාලේට ගෙනිච්චද විජහට “

” ඔව් මැණිකේ මන් කොල්ලවත් වත්තම් කරන් පාරට යද්දි ජෝතිගේ වාහනේ හම්බුනා. විගහට ඒකෙම ඉස්පිරිතාලේ ගෙනියලා බෙහෙත් දා ගෙන සෝමේගෙ ගෙදරටම කොල්ලා ගෙනහින් දැම්මා බන්. එකාගේ අතක් තමයි හොදටම තුවාල වෙලා තියෙන්නේ. “

” සෝමේට කිව්වද  මහත්තයෝ දැන් “

” නෑ බන් මන් දැන් වත්තට යනින් ගමන් කියන්නම් උබ කමනිට පොඩ්ඩක් ගෙදර ගිහිල්ලාම පොඩි එකා ගැන බලන්න කියන්න. ලොකු කෙලි නම් ඉන්නවා. ඒත් ඒකී මොනා කියලා කරන්නද බන්. “

එහෙම කියලා ලොකු හාමු අනිත් පැත්ත  හැරිලා යන්න යද්දි ලොකු මැණිකේ කුස්සියේ පැත්තට ගියා. කොල්ලට අමාරු ඇති. හවස පොඩි බේබී ආවට පස්සේ බේබී එක්කලාම යනවා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

” සර් මන් ඇතුළට පොඩ්ඩක් එන්නද ”

මන් ගුරු විවේකාගාරෙට වෙලා ළමයිගෙ පොත් බල බල ඉද්දී මනුජ දොරෙන් ඇතුළ ට ඔලුවත් දාලා ඇතුළට පොඩ්ඩක් එන්න අහද්දී මන් කරේ අතින් අඩ ගැහුව එක.

” මොකෝ දැන් මාව හොයාගෙන ආවේ ම්… “

මන් පිටුවක් පෙරලලා එහෙම අහනකොට කොල්ලා මට ලිවුම් කඩදාහියක් දීලා ඕක බලන්නකෝ සර් කියලා හිනාවක් දීලා දිව්වා.  මොනාද අප්පච්චියෙ මේකේ ඇතුළේ බරට බරේ තියෙන්නේ. 

අද හවස පන්තිත් කරලා දෙනුවන් වත් වාහනේ දාගෙනම වලව්වට එනකොට හතරත් පහුවුනා. මන් ඇතුළටම යද්දිම පොඩ්ඩා ඇවිත් මාව දැකල අත් දෙක ඉස්සුවේ වඩා ගන්න කියල වෙනකොට මන් මයේ බෑග් එකත් පුටුවෙන් තියෙලා කොල්ලව වඩා ගත්තා.

” බබා මයෙ බෑග් එකේ තියෙනවා චොකලට් ටිකක්. එකක් නුරාදට දෙන්නකෝ ”

දෙනුවන් බෑග් එකේ සාක්කුවට අත දාලා චොකලට් එකක් අරන් කඩ කඩ ඉන්නකොට අපෙ ළගට ආවේ නිලූෂ.

” බේබී නාලා ඉවර වෙලා ඉක්මනින් ඇදුමක් දා ගන්න කෝ ”

” ඒ මොකෝ ඒ “

” නිර්මාල්ට ටිකක් තුවාල වෙ… “

” මොකක් කිව්වේ අයියේ කොයි වෙලේද.. හොදටම තුවාලයිද එයාට “

නිලූෂ මට එහෙම කියලා ඉවර වෙන්නත් කලින් දෙනුවන් හරි කලබලෙන් එහෙම ඇහැව්වේ අඩියට දෙකට එයාගේ ළගට කිට්ටු වෙලා.

” ටිකක් තුවාල වෙලා කියලා තමයි බේබී කිව්වේ මේ දවල් ත්.. “

” චූටි බාප්පි මන් ගියා “

” ඔහොම ඉන්න දරුවෝ අපි එක්කලාම යමු කොල්ලො… “

මන් කොච්චර හයියෙන් කෑ ගහලා කිව්වත් වැඩක්‌ නෑ කොල්ලා භාගෙට ගලවපු කමිසේ බොත්තන් ටිකත් දාන් බයිසිකලෙත් අරන් හරි කලබලෙන් වලව්ව කඩුල්ලෙන් ඈතට ගියා.
එහෙනම් දෙව්මි කියාපු එව්වා ඇත්ත තමයි නිර්මාල්ගෙයි අපෙ බබාගෙයි හුටපටයක් තියෙනවා.

” බලන්න අනේ මේකා. මන් කලිනුත් මූට අවවාද කරා නිලූෂ .  දැන් බලන්න පිස්සෙක් වගේ ගියපු විදිහ. අපෙ අම්මා එහෙම දැන ගත්තොත් විනාසයි “

” කොල්ලා හොදටම බය වෙලා ඉන්නේ හාමු. ඔහොම තමයි ඉතින් යාළු වෙද්දී. “

මයෙ ළගට ඇවිල්ලා කොල්ලගේ අතේ තිබ්බ චොකලට් කෑල්ලෙන් කෑල්ලක් කකා අරෙහෙම කියද්දී මන් කරේ එකාට රැව්ව එක.

” මන් ලොකු බබාටත් චොකලට් එකක් ගෙනාවා. පැටියගෙන් කන්නැතුව ඒකෙන් කන්න “

” ඕන් බලන්න පැටියෝ ඔයාගේ අප්පච්චි  මේ අයියට දැන් ආදරේ නෑ. හරි දුෂ්ටයි කොල්ලෝ එයා “

නිලූෂ පැටියා එක්කලා එහෙම කිය කිය හිනා වෙවී ඒකා කරේ පුළුවන් තරම් හයියෙන් මයෙ ඇග ඒ ඇගට තද කර ගත්ත එක. ඒ අස්සේ ඉනත් මිරිකන්න පටන් අරන්.

” පිස්සු වැඩ නම් කරන්න එපා හොදේ . අයින් වෙන්න මන් ඉක්මනට ඇදුමක් දාන් එන්නම් අර ලමයව බලන්න යන්න “

මන් වාහනේ අරන් මිදුලට ගෙනියනකොට පැටියත් දුවගෙන දුවගෙන ඇවිත් වාහනේ ඉස්සරහට නැග්ගේ නිලූෂත් එයා පිටි පස්සෙන් එද්දි.

අපි යනකොට අම්මයි කමනි නැන්දයි ඉස්සරහට වෙලා ඉදගෙන කතා කර කර ඉන්නවා.  මන් අම්මටත් කතා කරගෙනම ඉක්මනින් නිර්මාල්ගෙ කාමරේට ගියෙ එයාව බලන්න. මන් යද්දි එයා ඇදේ අයිනට වෙන්න නිදා ගෙන හිටියේ දෙනුවනුත් ඇදේ එහා පැත්ත අයිනේ ඉදන් ඉන්නකොට.
නිර්මාල්ගෙ නළල ඔතලා වගේම කකුලකුයි අතකුයි බෙහෙත් දාලා ඔතලා. කොල්ලට නින්දෙනුත් කෙදිරි ගෑවෙනවා.

” මන් එ ද්දිත් එ යා නිදි බාප් පි “

මන් දෙනුවන් ළගට ගිහිල්ල කොල්ලව මට හේත්තු කර ගනිද්දි කොල්ලා පොඩි එකෙක් වගේ මයෙ පපුවට ඒ මූණ ඔබා ගත්තා. 

” එයාට හොදවෙයි. බය වෙන්න එපා “

දෙනුවන් මොකුත් නොකියා කරබාගෙනම ඔහේ මයෙ පපුවේ ඔලුව තියන් හිටියේ ඇදේ නිදන් ඉන්න නිර්මාල් දිහා බලා ගෙන.

” බාප්පි ”

” ම් “

” ම් ම න් නිර්මාල්ට ආදරේ යි “

කොල්ලා එහෙම කියලා මයෙ පපුවට ඒ මූණ ඔබන් මාව තද කරගෙන බදන් හිටියේ මන් කොල්ලට හොද දෙකක් කියයි කියලා බයේ වෙන්නැති.

” මන් දන්නවා “

මන් දන්නවා කිව්වත් කොල්ලා නෙවෙයි ඔලුව උස්සලා බැලුවෙ වත්.

අම්මට යන්න ඕනී කියපු නිසා නිලූෂයි පැටියවයි පිටිපස්සට දාලා අම්මව ඉස්සරහ තියන් වාහනෙන් ඉක්මනට ගෙදර ආවේ අපෙ අම්මාත් එහෙන් පුපුරද්දී.     අද තමයි දෙනුවන් හොද දෙකක් අහ ගන්නේ හැමෝගෙන්ම. අම්මා දැන ගත්තා කියන්නෙම වලව්වේ හැමෝම දැන ගත්තා කියන එක තමයි ඉතින් .

” ආවදෙන්කෝ ලොකු එකයි උගේ මහ ලොකු පුතණ්ඩියයි. මන් දෙනුවන්ව අද අම්මපා ඉහේ ඉදන් පට්ට ගහන්නේ. දන්නෑ මේ ආච්චි අම්මගේ හැටි ඕකා. මොන විලිසංගයක් නැති ජහ ජරා වැඩක්ද බලන්නකෝ මු අපිට කරේ. ආවදෙන්කෝ මන් මහත්තයටත් මේ ගැන කියන්න. අම්මපා මූට හිරිකිතක් කියලා නාමයක් නැද්ද කොල්ලෙකුට ආදරේ කරන්න. මගෙත් පව් කාර කමට මෙව්වා ඇස් දෙකටම පේනවනේ ඉතින්. කොච්චර ලස්සන කෙල්ලොද අනේ මේ පැත්තේ ඉන්නේ. මූට ඒ තරමට ඇස් පේන්නෑ. කෝ ආවදෙන් ඕකා. මන් බාවනවා ඌව. දෙයියෝ මන් මේවා හිතලා හිතලාම මැරිලා යයි. එක්කෝ මේ වලව්වේ දෝසයක් ද කොහේදෝ. අපෙ මහත්….. ”

අපෙ අම්මා ඔහේ දොඩව දොඩව ඉදලා කියන්න ගියපු එක නතර කරගෙන හරි කලබලෙන් ඉස්තෝප්පුවේ ඉදන් ඉන්න මයෙ මූණ දිහා බැලුවේ මාත් අම්මා දිහා ඇසුත් හීනි කරන් බලද්දී.

” නෑ පුතා මේ වලව්වේ දෝසයක් තමයි. මන් අපෙ මහත්තයට කියලා මේ වලව්ව පොඩ්ඩක් කාටහරි කියලා බලව ගත්ත නම් හරි විගහට. “

අපෙ අම්මා කතාව එතැනින් ඉවර කරලා පුටුවෙනුත් නැගිටලා ගියාට පස්සෙයි මේ මුළු වලව්වම නිහඩ වුනේ.   මන් එළියේ බලන් හිටියත් කොල්ලා නෙවෙයි තාම ආවේ. හවස හතත් පහුවෙලා හොදටම කරුවලත් වෙලා තියෙද්දී මන් ගියෙ කාමරේට.

” නිලූෂ පැටියව පොඩ්ඩක් බලා ගන්නවද. මන් කමනි නැන්දලා දිහා ගිහිල්ලා එන්නම්. දෙනුවන් තාම ආවේ නෑ “

යතුරත් අරගෙනම මන් ගියෙ නිලූෂ ගෙ කාමරේ ඇතුළට පැටියවත් අරන්.

” පරිස්සමින් ගිහිල්ල එන්න. “

මන් ළගට ආපු එයා පැටියවත් මයෙ අතින් අරගෙන මයෙ හිස් මුදුනට සිපුමක් දුන්නේ මයේ ඇසුත් පිය වෙද්දී.

මන් වාහනේ අරන් කඩුල්ලෙන් එළියට වාහනේ දාද්දිම වගේ ආවේ අපෙ අයියා.
අයියටත් හෝන් එකක් ගහගෙනම මන් කමනි නැන්දලා දිහාවට ගියෙ පුළුවන් තරම් ඉක්මන් කරලා.

“  නිර්මාල් දැන් කොහොමද ටිකක් හරි අඩුද කැක්කුම ”

මන් එහෙ යනකොටත් නිර්මාල් එළියේ බංකුවක් උඩ ඉද ගෙන ඉද්දී දෙනුවනුත් ටිකක් එහට්ට වෙන්න අපි දිහා බලන් ඉන්නවා.

” දැන් අඩුයි බේබී කැක්කුමනම්.  මන් ම් මේ දෙනුවන් බේ බීටත් රෑ වෙන් න කලින් යන්න කීවා බේ බී හා මූ “

කොල්ලා අවසාන ටික කිව්වේ බිමත් බලන් වෙද්දී මන් බැලුවේ හිටන් අපි දිහාම බලන් ඉන්න අපෙ එකා දිහා. මේකා නිර්මාල්ගෙ සරමකුත් ඇදගෙන සෝමේගේද කොහෙදෝ කමිසෙකුත් දාන් රෑට මෙහෙ ලගින්නද කොහේදෝ ඉදන් ඉදලා තියෙන්නේ. මුට අනේ කිසි බයක් නැති හැටියක් හැබෑට.

” එයා මොකුත් අහන්නෑ නේද ම් “

මන් නිර්මාල් ගෙ මූණට එබිලා එහෙම අහනකොට ඒකා අපෙ එකා දිහා බලලා නෑ කියලා ඔලුව හෙලෙව්වා.

” ආං යමන්කෝ උබ අප්පච්චිත් ඇවිල්ලා ඉන්නේ. ආච්චි අම්මත් හරි ආසාවෙන් තමයි ඉන්නෙත් එයාගේ මුනුබුරාවත් හම්බෙනකන් ඔන්න. හැබැයි පුතෝ අද නම් මට‍ බැරි වෙයි මොකුත්ම උබ වෙනුවෙන් කියන්න. මොකද උබ සීයා අප්පච්චි ගැනත් හොද හැටියට දන්නවනේ නේද ආ…..

මන් උබට කලිනුත් කිව්වා උබ තාම ඉස්කෝලේ යන පොඩි එකෙක්. පොඩ්ඩක් තේරුම් අරන් ඒ විදිහට ඉදපන් කියලා. දැන් ඉතින් ගියාට පස්සේ උබම බලා ගනින් එහෙනම් “

මන් වාහනේ එලවන ගමන් උට‍ එහෙම කියනකොට එයා ඉස්සරහ බලන් ඔහේ කල්පනාව.

චටස් “

වලව්ව ඇතුළට අඩිය තිබ්බ හැටිය අපෙ අප්පච්චි දෙනුවන්ගෙ කම්මුලට ගැහුවේ එකා විහික්කා වෙද්දී. අයියා ටිකක් එහාට වෙන්න ඉද්දී අම්මා කුස්සියේ පැත්තේ ඉදන් අපෙ සද්දේ ඇහිලද කොහෙදෝ දුවගෙන දුවගෙන ඇවිල්ලා  දෙනුවන් දැක්ක හැටියේ නතර වුනේ ඇසුත් ලොකු කරන්.

ඒත් අම්මා එතැන වැඩි වෙලාවක් නොඉද දෙනුවන් ළගටම ඇවිල්ලා උට‍ ගහන්න අත උස්සද්දීම මන් කොල්ලව ඇදල අරන් පස්සට කර ගත්තේ කොල්ලත් මයෙ පිටි පස්සට වෙද්දී.

” තෝත් මූව බබා කරනවද පොඩී ආ… මහත්තයෝ මේ බලාහල්ලකෝ මේකා පුළුවන් තරම් අපෙ මූණේ දැලි ගාද්දී පොඩී මූව හුරතල් කරනවා. ආ පුතේ තොට ලැජ්ජාවක් කියලා නාමයක් නැද්ද කොල්ලෙක් එක්කලා පැටලෙන්න. ඒ තරම් තොට තියෙන අසහනේ මොකක්ද ආ කතා කරපන් ක.. ”

” අනේ මේ ආච්චි අම්මේ. ඔයාට අපෙ අයියා ලැජ්ජා කරා වගේ හිතෙනව නම් අපිට තව මේ වලව්වේ තප්පරයක්වත් ඉන්න ඕන්නෑ. මන් නම් හිතන්නෑ ආදරේ කරන එක ලැජ්ජාවක් කියලා. ඔයිට වඩා මහා ජරා වැඩ කරන උන් හරි ලස්සනට ලැජ්ජාවක් නැතුව ඉන්නේ ආච්චි අ… “

” කට පියා ගන්නවා දෙව්මි තමුසේ ඔහොමද ආච්චි අම්මට කතා කරන්නේ ආ යනවා ගිහින් අයියගෙයි ඔයාගෙයි දෙන්නගෙම බෑග් ලෑස්ති කරන් වාහනේට නගින්න. දැන්ම යමු ගෙදර. දෙනුවන් උබත් ලෑස්ති වෙන්න”

අපෙ අම්මා අරෙහෙම බනිද්දි දෙව්මි එයාගේ අයියා ළගට ඇවිල්ලා මන් අම්මට කෑ ගහන්න යද්දිම එයා කියවගෙන කියවගෙන ගියෙ පිස්සුවෙන් වගේ. කොච්චර අයියා ගැන කේලම් කිව්වත් ඒකී හරි ආදරෙයි එයාගේ අයියට.  දෙව්මි කෑ ගහන් යද්දි අපෙ අයියත් කෑ ගහලා එහෙම කිව්වට පස්සේ අපෙ අම්මා ගැස්සිලා අප්පච්චි දිහා බලද්දී අප්පච්චි කරේ අයියා දිහා බලන් හිටපු එක.

          ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මයෙ අලුත් කතාව 🤗🤗 “කටු ඉඹුල”
කැමති යාලූලා කියවන්න.

ජින්නේ විමල කොඩිතුවක්කුයිගෙයි අලුතින් එයාලයේ පහළ ඉඩම් කෑල්ලට ආපු අන්ගුලු මුහන්දිරාම් කියන දෙමළ කොලූගෙයි කතාව.

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗❤️

බුදුසරණයි හැමෝටම 🙏🙏

අදහස් වලට වෝට් වලට ස්තුතියි ගොඩාරියක් යාලූලා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

………………………………………………….

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිවෙනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිවෙනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිවෙනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිවෙනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිවෙනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිවෙනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 21